Monday, September 24, 2012

සිරි ලංකාව...


බලය ඇති එකාට මොළයත් 
මොළය ඇති එකාට බලයත් 
තිබුණා නම්...
ආසියාවේ ආශ්චර්යය වෙනවා 
සිකුරුය්...

Sunday, August 5, 2012

තාත්තා..



අම්මේ.. 
ඔබ බිහි කල මගේ ජීවිතය 
හද වැඩ දමා 
ඔප දැම්මේ තාත්තා..
ඔබ සසර ගමනේ 
නතර වූදා
අඩුව පිරිමසුවේ  තාත්තා..
අපි වෙනුවෙන් දාඩිය හෙළුවේ 
දුක් වින්දේ  තාත්තා..
මගේ ලෝකය, මගේ විශ්වය 
ගෙදර පහන 
හැමදාමත් මගේ  තාත්තා..

Thursday, July 5, 2012



 ජීවිතය vs උපාධිය
ජීවිතේ ජයගන්න
සොඳුරු හෙට දිනක් වෙනුවෙන්
ගල් ගඩොල් සමගින් නුඹ කරන යුද්ධයේ
පිපි නෙළුම වන්ට ඇත්නම් හැමදාම
හිඳිමි මම දිවි තිබෙන තුරු නුඹ ලගම

උපාධිය මිරිගුවකි
නොපෙනී යන, ලඟට එන විටම..
නමුදු අත නොපා මාපියන් හට
අතේ කරගැට මටත් හංගන
නුඹ කරන මහා සටනේ
විසුල පල නෙලන්නට...
පතමි මුළු හදින් නුඹට 
සුවය, සැනසුම, සවිය 
දෙවි රැකවරණ තුන් තිස් පැයේ.. .